පසුගිය දා ලන්කාව අවට ඇතිවුන අවපීඩන තත්වය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇතිඅතර එය දැන්. "ඔකී" ලෙස හදුන්වනවා.මෙය නම්කර ඇත්තේ ඉන්දීය කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වන අතර මෙහි තේරුම බෙන්ගාලි භාෂාවෙන් "ඇස" යන්නයි.
"ඔකී"සුළි කුණාටුව දැන් කොළඹට බටහිරින් කිලෝමීටර් 600 ක් පමණ දුරින් ඇති අතර දිවයිනෙන් ඈතට ගමන්කරමින් පවතී. ඒ නිසා මෙහි බලපෑම ලන්කාවෙන් ක්‍රමයෙන් අඩු වී යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
නමුත් තව දුරටත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
උතුරු, උතුරුමැද, ඌව, දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්යම පලාත්වල සමහර ස්ථානවල 100 මි.මී. වැසි අපේක්ෂා කෙරේ.
බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය(1).
References
- http://www.dmc.gov.lk/index_english.htm
- http://www.thehindu.com/news/
"ඔකී" සුළිකුණාටුවේ අළුත්ම තත්වය
Reviewed by
Unknown
on
November 30, 2017
Rating:
5
No comments: