අද්භූත පිටසක්වල ග්‍රහකය.-"ඕමූහා මුහා"



පසුගිය නොවැම්බර් 20 වෙනිදා හවායි විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් විසින් Pan-STARRS1 දුරේක්ෂයට හසුවුන ඉතා අද්භූත වස්තුවක් ගැන විස්තර මාධ්‍යට අනාවරනය කලා.මෙම වස්තුව ග්‍රහකයක් ලෙස හදුනා ගත්තද අප සෞරග්‍රහමණ්ඩ්ලයේ අනෙක් ග්‍රහක සතු ලක්ෂණ කිසිවක් මෙහි තිබුනේ නැහ.A/2017 U1 ලෙස නම් කල මෙම වස්තුවට තිබුනේ හයිපර්බොලික්(U හැඩයේ) ගමන් මාර්ගයක් නමුත් අප සෞරග්‍රහමණ්ඩ්ලයේ ඇති අනෙක් සියළුම ග්‍රහකවලට තියෙන්නේ ඉලිප්සාකර කක්ෂ.ඒනිසා පර්යේෂකයන් නිගමනය කලේ මෙය පිටත අභ්‍යාවකාෂයේ සිට එන්නට ඇතිබවටයි.
මෙවැනි පිටසක්වල ග්‍රහකයක් සොයාගැනුන පළමු අවස්ථාව මෙයයි.මෙම වස්තුවේ හැඩය නිමානය කල විද්යාඥයින් තවත් පුදුමයට පත් වුනා,ඒ මෙම වස්තුව සුරුට්ටුවක් මෙන් දිගැති ස්භාවයක් ගත්තනිසා.මෙය අඩි 330 ක අරයකින් හා සැතපුම් 1.5 පමණ දිගින් යුක්තයි.මෙය පැමිණ ඇතයි සැකකරන්නේ Lyra රාශියේ වේගා(Vega) තරුව දිශාවෙන් බවටයි.පැය 7.9 ක භ්‍රමණ කාලවර්තයක් ඇති මෙය සෑදී ඇත්තේ ලෝහ සහ කාබනික ද්‍රව්‍ය වලින් බවට සැකකරනවා.මෙය "ඕමූහාමුහා "හවායි භාෂාවෙන් "අතීතයෙන් ආ සන්චාරකයා" ලෙස නම් කර තිබෙනවා.කෙසේ නමුත් මෙය පිටසක්වල යානයක් බවට ඇතමුන් මතපලකරනවා.විද්යාඥයින් දැනට උත්සාහ දරමින් සිටින්නේ මෙම වස්තුව ආසන්නයට පර්යේෂණ යානයක් ‍යැවීමටයි,නමුත් එම වස්තුව පැයට කිලෝමීටර් 95,000 අසාමන්‍ය වේගයකින් ගමන් කරන නිසා එම උත්සාහය කොතරම් සාර්ථකවේද යන්න සැකසහිතයි.



දුරේක්ෂය මගින් ගත්  ජායාරූප



හයිපර්බොලික්(U හැඩයේ) ගමන් මාර්ගය



චිත්‍රශිල්පියෙකුගේ ඇසින්"ඕමූහා මුහා"

No comments:

Powered by Blogger.