ඇමරිකානු නාවික හමුදාව විසින් හදුනානොගත් පියාසර වස්තුවක් ලුහුබැද යන දර්ශන මාධ්‍යට නිකුත් වේ.




ඇමරිකානු එක්සත්  ජනපදය විසින් රහසිගතව පවත්වාගෙන ගිය  හදුනානොගත් පියාසර වස්තූන් ගැන පර්යේෂණ ව්‍යාපෘතියක තොරතුරු පසුගියදා මාධ්‍යට අනාවරණය කර තිබුනා.මෙම වැඩසටහන හදුන්වා ඇත්තේ "අධිතාක්ෂනික ගුවන්, අභ‍යවකාශ තර්ජන හඳුනාගැනීමේ වැඩපිලිවෙල" ලෙසයි. 2008 සිට 2011 අතර කාලය තුළ පවත්වාගෙන ගිය මෙම වයාපෘතියට  ඩොලර් මිලියන 22 ක වාර්ෂික අයවැයක් තිබිණ.
(නාසා ආයතනයේ සමස්ත වියදම 2011 මූල්ය වර්ෂය තුළ දළ වශයෙන් ඩොලර් බිලියන 18.4 ක් විය).
මෙහි වඩාත් ආන්දෝලනයට ලක්වුණ සිදුවීම වන්නේ 2004 වසරේදී  නාවික හමුදාවට අයත් ගුවන් යානයක  නියමුවන් දුටු දර්ශන වලට අදාල වීඩියෝවයි. මෙම දර්ශන අධ්‍යනය කල පර්‍රයේෂකයන් ඒවා සත්‍ය බවට තහවුරු කර තියනවා.මෙය සිදුවෙන විට කමාන්ඩර් ඩේවිඩ් ෆවොර් සහ ලුතිනන් කමාන්ඩර් ජිම් ස්ලයිට්  සැන් ඩියේගෝ වෙරළ තීරයට ඉහල අහසේ පුහුණුවීම්වල නිරතව සිටියහ. මෙම අද්භූත වස්තුව සති දෙකක පමණ කාලයක් තිස්සේ නිරීක්ෂණය ලද අතර සාමන්‍ය ගුවන් යානයකට  කල නොහැකි හැසිරීම් පෙන්වා ඇත. අඩි 40 ක් (මීටර් 12 ක්) දිග මෙය , අඩි 50 ක් (මීටර් 15 ක්) පමණ මුහුදට ඉහළින් පාවෙමින් තිබී ඇති අතර. ෆ්රේසර්(ගුවන් නියමුවා) තවදුරටත් පැවසුවේ ඊට පහල සාගරයේ  බුබුලු වර්ගයක්  පෙනෙන්නට තිබුණ බවයි.



මෙය ඇමරිකානු රජය අභිරහස් වස්තු පිළිබඳ සොයා බැලූ පළමු අවස්ථාව නොවේ. වර්ෂ 2016 දී මධ්යම බුද්ධි තොරතුරු නියෝජිතායතනය විසින් 1950 ගනන්වල සිදුවුන මෙවැනි අසාමාන්ය සිදුවීම් ගැන රහස්‍ය ලේඛන විශල ප්‍රමාණයක් මුදා හැරියා.

No comments:

Powered by Blogger.