සුළි කුණාටුවක් කියන්නේ මොකක්ද?


සුළි කුණාටුවක් යනු අඩු පීඩන ප්‍රදේශයක් වටා භ්‍රමණය වන කුණාටුවකටයි.කුණටුවේ මධ්‍යයේ ඇති අඩුපීඩන කලාපය  'කුණාටුවේ ඇස' ලෙස හදුන්වයි.කුණාටුවේ ඇස අනෙක් කලාපවලට සාපේක්ෂ්ව සන්සුන් ස්භාවයක් ගන්නා අතර ප්‍රචන්ඩ සුළන් ඇතිවන්නේ කුණාටුවේ බාහු වලදීය.

සියල්ල ආරම්භ වෙන්නේ අවපීඩන කලාපයට ඇදී එන වාත ධාරා වලින්.මෙම වාත ධාරා අඩුපීඩන කලාපයේදී ඉහල නැගීමෙන් වලාකුළු නිර්මාණය කරන අතර ඉහල නැගුන වාතය නිසා පීඩනය තව තවත් අඩුවී වාත ධාරා ඉහලට ඇදගැනීම වැඩිකරයි.මේකට කියන්නේ  updraft කියල updraft එක හැදෙන්නේ උණුසුම් වායු ධාරා ඉහල නැගීමෙන්.මෙම තත්වය නිසා විශා ලවැහිවලාකුළු නිර්මණය වෙලා වැසි ඇතිවෙන්න පටන් ගන්නවා මෙමෙ වැසිත් සමග සිසිල් වාතය පහලට ඒමට පටන් ගන්න අතර මෙය  downdraft එකක් ලෙස හදුන්වයි. updraft.හා  downdraft. නිසා වැහිකුණාටුව තවත් වර්ධනය වෙනවා.වැහිකුණාටුව පෘථිවියේ භ්‍රමණය  නිසා කැරකීමට පටන් ගන්නවා එවිට මෙය නිවර්තන  සුළිකුණාටුවක් ලෙස හදුන්වනු ලබයි.



නිවර්තන සුළි සුළං, ඒවායේ ශක්තිය හා ඇතිවන ස්ථානය අනුව වර්ගීකරණයට ලක් කෙරේ. මෙම වර්ගීකර්ණය  සැෆීයර්-සිම්ප්සන් (Saffir-Simpson.) ලෙස හදුනවයි.
"නිවර්තන අවපාතයක්"(Tropical depression) යනු පැහැදිලි පෘෂ්ඨික වාත සංසරණයකින් සහ සුළං වේගය  62 km/h  අඩු සුළං හා ගිගුරුම් සහිත කුණාටු සහිත පද්ධතියක්. එයට  "කුණාටු ඇසක්" නොමැති අතර  බලවත් කුණාටු වල මෙන් සර්පිලාකාර හැඩයක්  සාමාන්‍යයෙන් නැත.

"ඝර්ම කලාපීය කුණාටුවක්"(Tropical storm) යනු ඉතා පැහැදිලි පෘෂ්ඨික සංසරණයකින් සහ ශක්තිමත් සුළං ඇති සුළං වේගය හෝ 62-117 km/h අතර ඝෘජු සුළි කුණාටු සහිත පද්ධතියකි. මේ අවස්ථාවේදී සුළි කුණාටුව  ක්‍රමයක් ආරම්භ වී ඇති නමුත් "කුණාටු ඇස" සාමාන්‍යයෙන්  දක්නට නොලැබේ.

"සුළි කුණාටුවක් හෝ ටයිෆූන්" ( hurricane or typhoon) යනු සුළි සුළං අවම වශයෙන් 118 km / h සුළං සහිත සුළි සුළං පද්ධතියකි. මෙම ශක්තියේ නිවර්තන සුළි කුණාටුවක් මධ්යයේ  "කුණාටු ඇස" ඉතා කුඩා, රවුම්, වලාකුළු සහිත ස්ථානයක් ලෙස අභ්‍යවකාශයේදී දැකිය හැකිය. ඇස වටා පිහිටා තිබෙන්නේ  බලගතු  සුළං සහිත ප්‍රදේශයකි මෙය  wall නමින් හදුනවයි.

සුළි සුළඟක් පවතින  කාලය තීරණයවන්නේ වායුගෝලීය පරිසරය,මුහුදු මතුපිට උෂ්ණත්වය වැනි සාධක මතයි. බොහෝ සුළිසුළං 3-7 දිනක පවතින අතර .වායුගෝලීය පරිසරය වාසිදායක වුහොත්  සුළි සුළඟක්  සති ගනනාවක් වුවද පැවතිය හැකිය.

References

  1. https://simple.wikipedia.org/wiki/Tropical_cyclone
  2. http://study.com/academy/lesson/what-are-cyclones-types-causes-effects.html
  3. https://spaceplace.nasa.gov/hurricanes/en/

No comments:

Powered by Blogger.