දෙසැම්බර් 3 වෙනිදා පායන සුපිරි හඳ





මේ ඉරිදා පායන සඳ සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල සහ දීප්තිමත් පුර හඳක් වනු ඇත. මීට හේතුව දෙසැම්බර් 3 වෙනිදාට හඳ පෘථිවියට සමීපව ගමන් කිරීමයි.එය මේ 2017 අවුරුද්දේ චන්ද්‍රයා ,පෘථිවියට  වඩාත්ම සමීප වන අවස්ථාවයි.



පෘථිවිය වටා චන්ද්‍රයාගේ කක්ෂය පරිපූර්ණ වක්‍රයක් නොවේ. එය ඉලිප්සාකාර කක්ෂයක් , මෙම කක්ෂය අනුගමනය කරන හෙයින්, චන්ද්‍රයා  සමහර විට පෘථිවියට සමීපව හා සමහර විට දුරින් පිහිටයි. පෘථිවියට කිට්ටුම ස්ථානයේ පිහිටීමට  Perigee ලෙස හදුනවන අතර එම පිහිටීමේදී චන්ද්‍රයා පෘථිවියට  සැතපුම් 31,068 ක් පමණ  ආසන්නව ගමන් කරයි.



එමෙන්ම , අපිට හඳ පේන්නේ විවිධ  කලාවලිනි අටවක,අමාවක.. ලෙස.මේකට හේතුව පෘථිවියේ ඉදන් බලනකොට හඳේ මුහුනත සූර්යයාට හැරී ඇති ප්‍රමාණයයි.
සුපිරි හඳක් පෑයීමට  ඉලිප්සාකරා කක්ෂය සහ කලා වෙනස් වීම යන ක්‍රියවලි දෙකම බලපානවා.සඳ Perigee ස්ථානයේ ඇතිවිට හඳේ කලාව සම්පූර්ණ තිබුන අවස්ථාවක තමයි  සුපිරි හඳක්  ඇතිවෙන්නේ.


හැබැයි  මේ වෙනස පියවි ඇසට පේන්නෙනම් නැහ ඇත්තටම හඳේ විශාලත්වයේ වෙනස 14% පමණයි.
නමුත් මේනිසා ඇතිවෙන උදම් බලපෑමනම් සැලකිය යුතු ලෙස වැඩියි.1912 ජනවාරි 12 වෙනිදා මෙලෙසම සුපර් මූන් එකක් තිබුනා.එදා තමා ටයිටැනික් නැව අත්ලන්තික් සාගරයේදී අයිස් කන්දක හැපිල ගිලී ගියේ.මෙම අයිස් කන්ද අත්ලන්තික් සාගරයේ මැදට පාවී ආවේ මෙවැනි සුපර් මූන් අවස්ථාවක් නිසා ඇතිවුන උදම් නිසා කියල විද්යාඥයින් හොයාගෙන තියනවා.එදා ඇතිවුන  සුපර්මූන් අවස්තාව අවුරුදු 1400 පමණ පසුව ඇතිවුන ඉතා ළඟ  Perigee අවස්ථාවක්.





හඳට යන්න හිතන් ඉන්න කට්ටියටනම් මේක හොඳ වෙලාව.

No comments:

Powered by Blogger.